gov logo

සංස්ථාවේ ඉතිහාසය

1957 අංක 49 දරන රාජ්‍ය කාර්මික සංස්ථා පනත යටතේ 1964 වසරේදී ලංකා ධීවර සංස්ථාව ස්ථාපනය කරන ලද අතර එය සිය වාණිජ මෙහෙයුම් ආරම්භ කරනු ලැබූයේ 1965 වසරේදීය. ආරම්භයේදී, සංස්ථාවේ අරමුණු සමස්ත ධීවර අංශ ආවරණය කරන ලදී. 1964 ඔක්තෝබර් 01 වන දින අංක 14186 දරන අතිවිශේෂ ගැසට් නිවේදනයේ සංස්ථා‍වේ අරමුණු කවරේද යන්න දක්වා ඇති අතර ඒවා පහත දැක්වේ.

  • ගැඹුරු මුහුදේ ධීවර මෙහෙයුම් සඳහා ට්‍රෝලර් යාත්‍රා භාවිතා කරමින් සංස්ථාව සෘජුවම හෝ තම බලයලත් නියෝජිතයන් හරහා මත්ස්‍ය නිෂ්පාදනයේ නියැළිය යුතුය.
  • සංස්ථාව සෘජුවම හෝ තම බලයලත් නියෝජිතයන් හරහා මත්ස්‍ය පිරිසැකසුමේ ( ටින් කිරීම සහ වියළීම. පිරිසැකසීම) සහ මත්ස්‍ය අතුරු නිෂ්පාදන නිපදවීමේ නියැළිය යුතුය .
  • සංස්ථාව සෘජුවම හෝ තම බලයලත් නියෝජිතයන් හරහා තොග හා සිල්ලර පදනමින් මසුන් බෙදා හැරීමේ හා විකිණීමේ නිරත විය යුතුය.
  • ධීවර වරාය, ශීත ගබඩා සහිත නැංගුරම් ‍පොළ ඉදිකිරීම හා නඩත්තුව
  • ධීවර කර්මාන්තය සඳහා ධීවර ආම්පන්න හා අවශ්‍ය උපකරණ ආනයනය හා විකිණීම
  • ධීවර කර්මාන්තය සංවර්ධනය කිරීමේ කාර්යය වෙනුවෙන් ධීවර දෙපාර්තමේන්තුව හෝ වෙනත් යම් රජයේ දෙපාර්තමේන්තු සඳහා හෝ වෙනුවෙන් සංස්ථාව කටයුතු කළ යුතුය.
  • ධීවර කර්මාන්තය සඳහා බෝට්ටු හා කුඩා නැව් තැනීම.
  • ධීවර බෝට්ටු අළුත්වැඩියාව හා නඩත්තුව සඳහා පහසුකම් සැපයීම.
  • ධීවර උපකරණ නිෂ්පාදනය හා අලෙවිය: ලංකා ධීවර සංස්ථාව රජයට පූර්ණ හිමිකාරිත්වය සහිත ව්‍යවස්ථාපිත ආයතනයක් වන අතර ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය යටතේ ධීවර කර්මාන්තය පිළිබඳ අග්‍රස්ථ ආයතනය වේ.

වර්තමාන තත්වය - වත්මන් ක්‍රියාකාරකම් 

ලංකා ධීවර සංස්ථාව වත්මනෙහි ඉටුකරනු ලබන ප්‍රධාන ව්‍යාපාරික ක්‍රියාකාරකම් පහත දැක්වේ.

  • අපගේ ප්‍රාදේශීය කාර්යාල හරහා ධීවරයන්ගෙන් සෘජුවම මසුන් මිලදී ගැනීම.
  • මත්ස්‍ය ආනයනය
  • අපගේ සිල්ලර වෙළඳසල් හරහා මාළු බෙදාහැරීම හා පාරිභෝගිකයන්ට සාධාරණ මිලකට මසුන් විකිණීම
  • පාරිභෝගිකයන්ගේ ජීවන වියදම අඩුකිරීම පිණිස ලක් සතොස, කෝප් සිටි අලෙවිහල් වැනි රාජ්‍ය ආයතන හරහා පැකට් කරන ලද මාළු විකිණීම.
  • සියලු රජයේ රෝහල් සඳහා මාළු සැපයීම
  • ග්‍රාමීය ප්‍රදේශවල ජංගම මත්ස්‍ය විකිණීම් සිදුකිරීම.
  • ජනාකීර්ණ නගරවල ‘ෆිෂ් මේලා’ අලෙවි ප්‍රවර්ධන වැඩසටහන හරහා විකිණීම් සිදුකිරීම.
  • කටු රහිත මාළු පෙති නිෂ්පාදනය හා අලෙවිය
  • ධීවර අංශය හා අනෙකුත් වෙළෙන්ඳන්ට ශීතාගාර පහසුකම් සැපයීම
  • විදේශීය ධීවර යාත්‍රාවලට පිරිසැකසුම් පහසුකම් සැපයීම.
  • විදේශීය ධීවර යාත්‍රාවලින් මාළු මිලයට ගැනීම.
FaLang translation system by Faboba