gov logo

ධීවර සංස්ථා සිල්ලර අලෙවිහල්

cfc fish retail outlet

තමන්ගේම කාර්ය මණ්ඩලය යොදවමින් ධීවර සංස්ථාව දිවයින පුරා සිල්ලර අලෙවිහල් 105 ක් පවත්වාගෙන යන අතර නියාමනය කරනු ලබන සාධාරණ මිල ගණන් යටතේ පාරිභෝගිකයන්ට මත්ස්‍ය අලෙවිය සිදුකරයි.

 

ජංගම අලෙවිකිරීම් හා ෆිෂ් මේලා අලෙවි වැඩසටහන

සිල්ලර අලෙවිසැල් මගින් කලාපීයව සිදුකරන මාළු විකිණීමට අමතරව, ස්ථිර අලෙවිහල් ස්ථාපිත කිරීමට නොහැකි කොළඹ හා ඒ අවට ඇතැම් ප්‍රදේශවල සහ ඇතැම් දිස්ත්‍රික්කවල ජංගම අලෙවි කටයුතු සිදුකරනු ලබයි.
ෆිෂ් මේලා නමින් හඳුන්වන මාළු පොලක් ද තෝරාගත් ප්‍රධාන නගර කිහිපයක ආරම්භ කර ඇත. දැනට එම පොළවල් මාළිගාවත්ත, ඇතුල් කෝට්ටේ, කුරුණෑගල, මීගමුව, අනුරාධපුර හා වත්තල තෝරාගත් ස්ථාන කිහිපයක පවත්වනු ලැබේ.

ලංකා සතොස

ලංකා සතොස ආයතනය සමග එළඹි ගිවිසුමක් අනුව, කොමිස් පිට විකුණුම් පදනමින් සිය අසුරන ලද මාළු ලංකා සතොස හරහා ධීවර සංස්ථාව සිල්ලරව අලෙවි කරයි. දැනට දිවයින පුරා පිහිටි ලංකා සතොස ශාඛා 200 ක මෙලෙස සංස්ථා මාළු අලෙවිය සිදුකරනු ලැබේ. මෙම විශේෂ ව්‍යාපෘතිය පාරිභෝගිකයන්ගේ ජීවන වියදම අඩුකිරීමේ අරමුණින් ක්‍රියාවට නංවනු ලබන්නකි.

නාගරික කලාපය

මෙම අංශය මාළු තොග විකුණුම් මධ්‍යස්ථානයක් කොළඹ දිස්ත්‍රික්කයේ ද සිල්ලර අලෙවිසලක් පෑලියගොඩ වෙළඳපොළ පරිශ්‍රයේ ද පවත්වාගෙන යනු ලබයි. මෙම විකුණුම් ක්‍රියාකාරකම් මගින් විවෘත වෙළඳපොලේ මාළු මිල මත පාලනයක් පවත්වාගැනීමට හැකිව තිබේ.

FaLang translation system by Faboba