gov logo

අලෙවි කලාප

අලෙවි කලාපයන්හි කර්තව්‍ය වනුයේ අදාළ කලාපයේ පිහිටා ඇති සිල්ලර අලෙවිසල් හරහා පාරිභෝගිකයන් හට තරඟකාරී මිල ගණන්වලට මාළු බෙදාහැරීම හා විකිණීමයි. සංස්ථා කළමනාකාරිත්වයේ සෘජු පාලනය යටතේ පවතින සිල්ලර අලෙවි සල් හා තොග අලෙවි මධ්‍යස්ථාන සංඛ්‍යාව 105 කි.

නිෂ්පාදන කලාප

මෙම කලාපයන්හි කර්තව්‍යය වනුයේ පාරිභෝගික ඉල්ලීම පරිදි අලෙවි කලාපවල අවශ්‍යතා මිලයට ගැනීම හා සැපයීමයි. 

රාජ්‍ය සැපයුම් අංශ

අමාත්‍ය මණ්ඩල තීරණයක් අනුව ධිවර සංස්ථාව රජයේ සියලු රෝහල් සඳහා මාළු සැපයිය යුතු වේ. රෝහල්වලට අමතරව සංස්ථාව තවත් රාජ්‍ය ආයතන ගණනාවක් සඳහා ද මාළු සැපයිම සිදුකරයි.

මිලදි ගැනීම්, විකුණුම් හා බෙදාහැරීම් අංශය

මෙම අංශයේ ප්‍රධාන කාර්යය වනුයේ දේශිය සැපයුම්කරුවන්ගෙන් මාළු මිලදි ගෙන අතිරේක තොග පවත්වා ගනිමින් තොග පදනමින් මාළු සංස්ථාවේ කලාපවලට හා පුද්ගලික වෙළඳුන්ට සැපයිමයි. සංස්ථාවේ ප්‍රධාන ආදායම් මූලාශ්‍රය ව්‍යුත්පන්න වනුයේ මෙම අංශයේ කටයුතු වලිනි.

නිපැයුම් අලෙවිකරණ හා විකුණුම් ප්‍රවර්ධන අංශය

fish packaging

ශීත ගබඩා තොගවලින් කපා පැකට් කරන ලද ශීතකල මාළු සංස්ථාවේ සිල්ලර අලෙවිසල්, ලංකා සතොස අලෙවිසල්, සමුපකාර සමිති හා කාර්ගිල්ස් සුපිරි වෙළදසල් හරහා පාරිභෝගිකයන්ට අලෙවි කිරිම මෙම අංශයේ කාර්ය භාරය වේ.

 

මින්නේරිය පෙති මාළු ව්‍යාපෘතිය

tilapia fillets

ශීත ගබඩා තොගවලින් කපා පැකට් කරන ලද ශීතකල මාළු සංස්ථාවේ සිල්ලර අලෙවිසල්, ලංකා සතොස අලෙවිහල්, සමුපකාර සමිති හා හෝටල් හරහා පාරිභෝගිකයන්ට අලෙවි කිරිම මෙම අංශයේ කාර්ය භාරය වේ.

FaLang translation system by Faboba